15472 | The Cyber Hymnal#15473 | 15474 |
Text: | මා සිහිකරන් දයාවී |
Author: | Fanny Crosby |
Translator: | C. H. Pieris |
Tune: | [මා සිහිකරන් දයාවී] |
Composer: | William Howard Doane |
Media: | MIDI file |
1 මා සිහිකරන් දයාවී
දෙන් සවන් මටත්
සෙත් දෙන්ට වඩින කල්හි
සිහිකරන් මාත්
යේසුස්, යේසුස්,
දෙන් සවන් මටත්
සෙත් දෙන්ට වඩින කල්හි
සිහිකරන් මාත්
2 ඔබ පාමුලදී මට
දෙන් සැනසුමා
සැදැහැ මදිකමට
වෙන් මට කමා
3 ඔබ කරුණාව නිසා
එම් ඔබ වෙත
මා ගැළෙව්ව මැන තොසා
හිමි මෙත් යුත
4 මාහට ඔබ අත්හැර
ඈද්ද සරණක්
සගයේවත් මෙලෙව් තුර
නැත කිසිවෙක්
Text Information | |
---|---|
First Line: | මා සිහිකරන් දයාවී |
Title: | මා සිහිකරන් දයාවී |
English Title: | Pass me not, O gentle Savior |
Author: | Fanny Crosby |
Translator: | C. H. Pieris |
Refrain First Line: | යේසුස්, යේසුස්, |
Language: | Sinhala |
Copyright: | Public Domain |
Tune Information | |
---|---|
Name: | [මා සිහිකරන් දයාවී] |
Composer: | William Howard Doane |
Key: | A♭ Major |
Copyright: | Public Domain |