15466. පෙර පුවත් පවසන්

1 පෙර පුවත් පවසන්
උතුම් දෙව් ලෝ ගැන
තෙදින් යුතුවු නොමින්
යේසුස්ගේ පෙම් ගැන
ඒ පුවත් පවසන් දැන්
බිලිඳෙකුට මෙන්
අසරණ යුත් පවින්
මෙමට කුලුණෙන්

පෙර පුවත් පවසන්
පෙර පුවත් පවසන්
පෙර පුවත් පවසන්
යේසුසගේ පෙම් ගැන

2 පවසන් එය සෙමින්
දෙවිඳුන් ලෝ මහත්
මුදාලූ හැටි පවින්
දැනගන්ට මටත්
ඒ පුවත් පවසන් දැන්
නොයෙක් වර පෙමින්
මා සිත තුළ නිතින්
රඳන මෙන් සොඳින්

3 පෙර පුවත් පවසන්
මහත් සන්සුන් සිතින්
ගළවන්ට යේසුස් පත්
දුදනෙකි මේ මම්
නිත් ඒ පුවත් පවසන්
මෙමට දයාවෙන්
දුක් විපතේදී නොමින්
සැනසුම් වෙන මෙන්

4 පෙර පුවත් පවසන්
යම් බයක් වන විට
මෙලොව දේ පල නැත්
වෙහෙස දෙයි මට
ඔව් මා තුල් බය එවන්
පැමිණෙන විට
පෙර පුවත් පවසන්
යේසුස් සෙත් දෙයි මට

Text Information
First Line: පෙර පුවත් පවසන්
Title: පෙර පුවත් පවසන්
English Title: Tell me the old, old story
Author: A. Katherine Hankey
Translator: John Simon de Silva
Language: Sinhala
Copyright: Public Domain
Tune Information
Name: EVANGEL
Composer: William Howard Doane
Key: C Major
Copyright: Public Domain



Media
Adobe Acrobat image: PDF
MIDI file: MIDI
Noteworthy Composer score: Noteworthy Composer Score
More media are available on the tune authority page.

Suggestions or corrections? Contact us
It looks like you are using an ad-blocker. Ad revenue helps keep us running. Please consider white-listing Hymnary.org or getting Hymnary Pro to eliminate ads entirely and help support Hymnary.org.